ලේසියෙන්ම Graphic Design කරමු



Graphic Design කිව්ව ගමන් කට්ටියට එපා වෙලාම යනෝනෙ.ඇයි ඉතින් PS/AI/Corel Draw වගේ ඒවත් එක්ක ඔට්ටු වෙන එක ලේසි නෑනේ.ඒක නිසා ගොඩක් කට්ටිය මේ ග්‍රැෆික් ඩිසයින් වලට අත ගහන්නේ නැහැ.අපි අද බලමු  කිසිම දැනුමක් නැතුව සුපිරි ග්‍රැෆික් ඩිසයින් වැඩ කරල කොහොමද අතට ගානක් හොයා ගන්නේ කියල.

Fiverr සිංහලෙන් ම ඉගෙන ගන්න මෙන්න මේ ebook එක free download කර ගන්න. "

Canva කියන්නේ අපිට අවශ්‍ය විදියට ඉතාමත් පහසුවෙන් හා ඉක්මනින් graphic designs සාදා ගන්න නොමිලයේ පහසුකම් ලබා දෙන අඩවියකි.
මේකෙන් ඔයාලට ඕනෑම වර්ගයේ design(social media posts/documents/blogging & ebooks/events/social media headers/ads...and more)  එකක් ඉතාම ඉක්මනින් සාදාගෙන download කර ගැනීමේ පහසුව හිමිවෙනවා.තව ඔයාලගේ design පසු භාවිතයන් සදහා save කර ගැනීමටද ඉඩ-ප්‍රස්තා ලබා දෙනවා.

මුලින්ම https://www.canva.com/ එකට ගිහින් signup වෙන්න.

email එක confirm කරලා.ඊට පස්සේ account එකට log වෙලා කැමති template එකක් තෝරාගෙන හෝ අලුත්ම design එකක් create කරන්න පුළුවන්.User-freindly interface එකක් තියෙන නිසා ඉතාම පහසුවෙන් වැඩ කරගෙන යන්න පුළුවන්. ඔයාලට ඕන ඕන images upload කරලා ඔයාලගේ design එකට එකතු කරගන්න පුළුවන්.ඒවගේම canva එකේම search කරලා free images විතරක් use කරන්න පුළුවන්.(කැමති නම් paid ඒවාට සල්ලි ගෙවල ගන්න පුළුවන්)

මම පොඩි tutorial එකක් හැදුවා...වැඩිය පැහැදිලි නම් නැතුව ඇති.  XD 
         

හරි දැන් graphic design වැඩ පුළුවන් උනා කියමුකෝ....දැන් කොහොමද සල්ලි හොයන්නේ?

සරලවම Fiverr වලට බහින්න පුළුවන්.ඇයි ඉටිම් දැන් ඕන එකක් design කරන්න පුළුවන්නේ...

හරි fiverr වලට අමතරව? ඔව් තව  PeoplePerHour,Freelancer,UpWork aka Odesk,DesignCrowd...etc

එතකොට freelancer sites වලට අමතරව ක්‍රමයක් නැද්ද?

අපෝ තියෙනවා...කරන්න තියෙන්නේ මෙච්චරයි....හොද design ටිකක් කරලා පට්ට ලස්සන  portfolio එකක්(website/facebook page) හදා ගන්න. ඊළගට ඔය facebook ads වල යනවනේ අලුත් අලුත් pages ගැන ads එහෙම(company pages/website pages...etc) ඔතනින් ටිකක් ප්‍රාථමික ඝනයේ(පොඩ්ඩක් චොර) design තියෙන page එකක් බලලා direct contact කරගන්න(ඔව් ඔව් message එකක් දාන්න).මම experienced designer කෙනෙක් ,මම කැමතියි ඔයාලගේ company එකේ social media/website side එකේ graphic designing වැඩ සහනමිලට කරලා දෙන්න,මෙන්න මගේ portfolio එක කියලා ඔයාගේ portfolio website/facebook page එකේ ලින්ක් එක යවන්න.අහ තව එයාලට මුලින්ම free cover/profile picture එකක් වගේ හදල යවන්න. ;) 

ඔය එක ලේසිම විදියක් විතරයි....තව ඔයාලට පුළුවන් facebook එකේ search කරලා ඔය වගේ pages හොයාගෙන ඕකම කරන්න...තව ඔයාලගේ පැත්තේ තියෙන කඩවල් වලටත් ගිහිල්ල talk කරන්න, වැඩක් දෙකක් ලේසියෙන්ම සෙට් කරගන්න බැරි නැහැ...මේ මම පුද්ගලිකව අත්හදා බලපුවා විතරයි...තව ගොඩක් දේවල් ඇති(තියෙනවා)...


මම හැමතිස්සෙම කියනවා වගේ අලුතෙන් දෙයක් කරන්න හිතන්න(හිතල මදි, හිතල කොරහල්ලා)...අන්න එතකොට market එකම ඔබ ගාව තියේවි ;)

සිතන්න අලුතින්...කරන්න දිරියෙන්!!!

ඔබට ජය!
LK Marketer



ප.ලි: දැන් නම් මගේ ලිවීමේ හැකියාව සෑහෙන්න අඩුවෙලා.(අඩුවෙලා කියන්නේ නැතිම වෙලා) ඒක නිසා මොනා හරි අපැහැදිලි තැනක් තියෙනවනම් අහන්ඩ.වැරදි තියෙනවනම් පෙන්වා දෙන්ඩ.

PayPal සිංහලෙන් | Fiverr වල සල්ලි ගන්න සහ තවත් ගනුදෙනු රාශියකට සරිලන PayPal ගිණුමක් සාදමු

හරි ඔන්න අද මම ඔයාලට කියල දෙන්න යන්නේ ඉක්මනින් හා පහසුවෙන් Ebay එකෙන් බඩු ගන්න Reload දාගන්න fiverr වලින් සල්ලි ගන්න වගේ online ගනුදෙනු කරන්න පුළුවන් වෙන විදිහේ Paypal ගිණුමක් හදාගන්න හැටි. මම මේ ලිපිය නැවත යාවත්කාලීන කරන්න හේතුව තමයි අමිල එකිවේ Amila Buddhi De Silva මට මේ ලිපිය යාවත්කාලීන කරලා දෙන්න කියපු නිසා මිට කලින් ලියන්න හිතුවත් පොඩ්ඩක් බිසී උන නිසා පරක්කු උනා අමිලයා කිව නිසා බෑ කියන්නත් බැරි නිසා පටාන්ස් ගත්තා. හරි දැන් අපි මේ Paypal හදාගන්න ඕනේ Malaysian Paypal එකක් විදිහට මොකද ලංකාවේ විදිහට Paypal එකක් හැදුවොත් එකෙන් Ebay වගේ Online ගනුදෙනු කරන්න අමාරුයි Varified උනත් සල්ලි කැපන්නේ ඔයාල Paypal Acount එකට දාල තියෙන Credit or Visa card එකෙන් ලගදීම ලංකාවටත් paypal දෙනවා කියල කීවට ඉතින් බාලගිරිදොසේ තමා යහපාලනේන්වත් බලමුකෝ හරි එහෙනම් අපි පටන් ගමු ඉස්සෙල්ලම මෙතැනින්  https://www.paypal.com/lk ගිහින් Singup වෙන්න පහල පින්තුරේ විදිහට
එතනින් your country කියන එකට Malayasia දෙන්න.


ඊටපස්සේ Premier කියන එකේ Get Started කියන එක ඔබන්න

ඊටපස්සේ පහල පින්තුරේ වගේ ඔයාගේ විස්තර අහලා විස්තර පුරවන්න ෆොරමයක් එයි එකට ඔයාලගේ ඇත්ත විස්තර දෙන්න මොකද අපි Ebay වගේ Site වල ගනුදෙනු කරනකොට අපේ නිවැරදි තොරතුරු අවශ්‍ය වෙනවා 

Nationaly එකට Malaysia කියල තෝරන්න State/Province/Region කියන තැනට ඔයාලගේ පළාත දෙන්න අපිනම් North Western තව ඉටයටින් තියෙනවා Postal Code කියල එකක් එතනට 11111 දෙන්න මොකද අපි හදන්නේ Malaysia පේපැල් එකක් නිසා ඊටපස්සේ කැමති Phone Number එකක් දෙන්න බින්දුව නැතුව ඒ කිවේ අපේ Number 0781234567 නම් අපි එතනට දාන්න ඕනේ 781234567 මෙහෙම +94 ඒක දාන්නේ නෑ  ඊළගට ඔයාලට Credit Card එකක් නැතිනම් "Link my credit card so I can start shopping right away (recommended)" මෙතන ඉස්සරහ තියෙන හරි ලකුණ අයින් කරලා Agree and Create Account දෙන්න  ඊටපස්සේ පින්තුරයක් දීල එකේ තියෙන එක Type කරන්න කියල එයි ඒ පින්තුරේ තියෙන එක Type කරන්න ඊළගට Credit Card එකක් ඉල්ලනව එතකොට පහල පින්තුරේ වගේ  Go To My Account කියන එක තෝරන්න
ඊටපස්සේ මෙහෙම ඔයාල හදපු Paypal ගිණුමට යයි නමුත් අපි හැදුව Paypal  එක Malaysia නිසා Currancy එක තියෙන්නේ MYR කියලා එක අපි ඊටපස්සේ පහල පින්තුරේ විදිහට Manage Currancy යන්න

ඊටපස්සේ පහල ඉන්තුරේ විදිහට U.S.Dollor කියන එකට tik එකක් දාල Make Primary කරන්න
ඊළගට මෙහෙම වැටෙයි
ඊටපස්සේ මෙහෙම Currancy එක USD කියල වැටෙයි 
හරි දැන් වැඩේ ඉවරයි දැන් ඔයාලට fiverr එකෙන්  සල්ලි ගන්න සහා තවත් ගනුදෙනු රාශියක් කරන්න පුළුවන් Paypal එකක් ඔයාලට තියෙනවා හැබැයි අලුත් paypal පාවිච්චියේදී ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ මොකද security පොඩ්ඩක් තදයි උදාහරණයක් විදිහට තුන්පාරක් එකම Paypal ගිණුමකට සල්ලි යැව්වොත් paypal එක ලිමිට් වෙනවා තියෙන සල්ලි ගන්න වෙන්නෙත් නැ (මගෙත් එකකට උනා 28$ එක්ක XD) ඉතින් පොඩ්ඩක් පරණ දෙනකන් ගනුදෙනු 100$ පනිනකන් පරිස්සමින් ගනුදෙනු කරන්න තමයි තියෙන්නේ. ඊළග ලිපියෙන් මම කියල දෙනවා ඕනෙම Paypal Acoount Varified කරගන්න හැටි සහ ආරක්ෂාකාරීව බාවිතා කරන හැටි එහෙනම් අපි තව මේ වගේ ලිපියකින් හමුවෙමු සුබ දවසක් මම ඇඩ්මින් @ www.trickssinhalen.com